පුවත්
අපි මොනවද කළේ?
වගකීම: ස්ථාන භාර නිලධාරී
අප ගැන
1946 සහ 1947 වසරවල, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේදී, මෙම ස්ථානය යුද හමුදා බැරක්කයක් ලෙස ඉදි කරන ලදී. ස්ථානික ජනප්‍රවාදය අනුව, අප්‍රිකානු කාබේරි රෙජිමේන්තුව මෙහි ස්ථානගත වූ බව කියැවේ. 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුව, අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ කාලය තුළ, ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා මූලික කේන්ද්‍රස්ථානයක් ලෙස මෙය පවත්වාගෙන ගිය අතර, 1951 වසරේ මැද සිට 1952 ජුනි දක්වා, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන්, වසරක කාලයක් සඳහා කාණ්ඩ කිහිපයක් මෙහි විද්‍යාලීය කටයුතු මෙහි තාවකාලිකව පැවැත්විය.
1952 ජුලි මස රජයේ වැඩිහිටි නිවාසයක් ලෙස ආරම්භය සනිටුහන් වේ. ආරම්භයේ දී “මහළු මඩම” ලෙසත් ඉන්පසු “මහළු නිවාසය” ලෙසත් වර්තමානයේ දී වැඩිහිටි නිවාසය ලෙසත් නාමය වෙනස් වීමකට ලක්ව ඇත. 1952 ආරම්භයේ මධ්‍යයම රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය වූ ආයතනයක් විය. 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වු පසු පළාත් සභා ක්‍රමය ස්ථාපිත වීමෙන් අනතුරුව උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ආයතනයක් ලෙස කටයුතු කරනු ලැබේ.
දැක්ම
”සතුට පිරි සොඳුරු නිවහනක්”
මෙහෙවර
“නේවාසික වැඩිහිටියන්ගේ අභිමානය ගොඩනගමින් ද, කායික මානසික යහපැවැත්ම ගුණාත්මකව ඉහල තලයකට රැගෙන එමින්ද,වැඩිහිටියන්ගේ සැදෑ සමය නිවහල්ව ජීවත් වියහැකි වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක සිට පුහුණූ හා සමාජ පර්යේෂණ මධ්‍යස්ථානයක් දක්වා පරිවර්තනය කිරීම.”
“අපගේ සේවාවන්”
රැකවරණය
සමාජයේ සහාය නොමැති වැඩිහිටි පුද්ගලයන්ට රැකවරණය ලබා දීම.
ශික්ෂණය
වැඩිහිටි සත්කාරය සම්බන්ධ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම.
අධ්‍යාපනය
සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ අධ්‍යාපන කටයුතු පහසුකරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම.
ආධ්‍යාත්මික සංවර්ධනය
පාසල් සහ ඉරිදා පාසල් සිසුන් සඳහා ආධ්‍යාත්මික සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම.
පහසුකම් සැපයීම
දායකයන් සඳහා පහසුකම් සැපයෙන මධ්‍යස්ථානයක් ලෙස සේවය කිරීම.
වගකීම: ස්ථාන භාර නිලධාරී
“සුපසන් නිවස” මාවනැල්ල සිංහ සමාජයේ අනුග්‍රහයෙන් ඕලන්ද ජාතික සංගමයේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද බව නිවාසයේ තබා ඇති බිත්ති නාම පුවරුව සාක්ෂි දරයි.1999 වර්ෂයේ ජනවාරි මස 29 වෙනි දින ඹ්ලන්ද ජාතික ටී. ස්මිත් මැතිතුමා, එම මැතිණිය හා එවකට ගරු සමාජ සේවා අමාත්‍යව සිටි බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමාගේ සහ 306 ඩී දිස්ත්‍රික්කයේ සිංහාධිපති ඩබ්.එම්.එස්. විජේසුන්දර මැතිතුමාගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලද්දකි.
දැක්ම
“සමාජ රැකවරණය අවශ්‍ය වූ දෙටු පුරවැසියන්ට සතුට පිරි සොදුරු නිවහනක්”
මෙහෙවර
“දිවයින පුරා විවිධාකාර අයුරින් හුදකලා බවට හා අසරණව විවිධ ව්‍යවසනයන්ට ලක් වූ වැඩිහිටි ප්‍රජාවට සාධාරණ වූ ක්‍රමවේදයන් යටතේ අවශ්‍ය නේවාසික පහසුකම් හා රැකවරණය සැලසීම මෙන්ම ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ තලයකට ගෙන එමින් සමාජයේ පිළිගත් ගෞරවණීය පිරිසක් බවට පත්කරමින් වැඩිහිටියන්ගේ අභිමතය තහවුරු කෙරෙන වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් කරා පරිවර්තනය කිරීීම”
“අපගේ සේවාවන්”
- නේවාසික වූ වැඩිහිටියන්ට පෝෂ්‍යදායී ආහාර පාන ලබා දෙමින් නේවාසිකයින්ගේ රැකවරණය උපරිම අයුරින් සැලසීම.
- නේවාසික වූ වැඩිහිටියන්ගේ කායික මානසික මට්ටම ඉහළ තලයකට ගෙන ඒමේ වැඩසටහන් ක්රිියත්මක කිරීම.
- නේවාසික වැඩිහිටියන්ගේ සෞඛ්‍ය මට්ටම යහපත් අයුරින් පවත්වා ගෙන යාම.
- අධ්‍යාත්මික සංවර්ධනයට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි සමිති සමඟ මෙම වැඩිහිටියන් සම්බන්ධකරවමින් සුහඳතාව වර්ධනය කිරීම
- ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සමඟ සුහඳතාවය වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ධර්මදේශනා වැඩ සටහනක්
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන්, පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂතුමියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ කාර්ය මණ්ඩලය විසින් විශේෂ ධර්මදේශනා වැඩසටහනක් සංවිධානය කරන ලදී. එම වැඩසටහන 2026 ජූනි 02 දින මිරිසවැටිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ අතර, සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් මහත් උද්යෝගයෙන් හා ශ්‍රද්ධාවෙන් යුතුව ඒ සඳහා සහභාගී වූහ.
(2026-06-02)
සීමිත පදනමින් පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ලිපි ලබාදීම
පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් සීමිත පදනම මත ලබාදෙන ලද නව පත්වීම් සඳහා අදාල පත්වීම් ලිපි නිකුත් කිරීම 2026 මැයි මස 04 වන දින, පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තු අධ්යක්ෂ නිල කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පත්වීම් ලිපි ලබාදුන් තනතුරු
• සාත්තු සේවිකා III
• උපස්ථායක III
• අරක්කැමි III
මෙම පත්වීම් මඟින් පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමත්, අවශ්‍ය සේවා සපයීම කාර්යක්ෂම ලෙස ඉටු කිරීමත් අපේක්ෂා කෙරේ.
“මිතුරු සෙවන” නිවාස ආධාර වැඩසටහන
අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයින්, වැඩිහිටි පුද්ගලයින් සහ ගෘහ මූලික කාන්තා පවුල් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යසම්පන්න හා පදිංචියට සුදුසු නිවාස පරිසරයක් උදාකර දීම අරමුණු කරගනිමින් “මිතුරු සෙවන” නිවාස ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙම වැඩසටහන යටතේ ප්‍රජා දායකත්වය, සමාජ සහයෝගීතාවය සහ ආයතනික සහාය ඒකාබද්ධ කරමින්, අර්ධ සම්පූර්ණ හෝ අසම්පූර්ණ නිවාස පදිංචියට සුදුසු මට්ටමට සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය හා භෞතික ආධාර ලබාදේ.
අවශ්‍යතා සහිත පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, සුරක්ෂිත නිවාස පරිසරයක් ස්ථාපිත කිරීම සහ සමාජ සවිබලගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.
මෙම වැඩසටහන යටතේ, 2026.05.20 දින වන විට මිහින්තලය “මිතුරු සෙවන” ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ප්‍රතිලාභී පවුල් සඳහා පදිංචියට සුදුසු නිවාස පහසුකම් සම්පූර්ණ කර දීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලැබේ.
ප්‍රජා දායකත්වය සහ සමාජ සහයෝගීතාවය මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් අවශ්‍යතා සහිත පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදෙමින් පවතී.
“මිතුරු සෙවන” නිවාස ආධාර වැඩසටහන - පලුගස්වැව
2026.05.11 දින පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාදිරියාගම තුලාන තුළ “මිතුරු සෙවන” නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය සුභ මොහොතින් ආරම්භ කරන ලදී.
අඩු ආදායම්ලාභී, ආබාධිත, වැඩිහිටි සහ ගෘහ මූලික කාන්තා පවුල් සඳහා සුරක්ෂිත හා පදිංචියට සුදුසු නිවාස පහසුකම් ලබාදීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය, ප්‍රජා දායකත්වය සහ සමාජ සහයෝගීතාවය මත ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන මඟින් ප්‍රතිලාභී පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම සහ සමාජ සවිබලගැන්වීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරයි.
නොච්චියාගම “මිතුරු සෙවණ” නිවාස ව්‍යාපෘතිය
අඩු ආදායම්ලාභී, ආබාධිත, වැඩිහිටි සහ ගෘහ මූලික කාන්තා පවුල් සඳහා සුරක්ෂිත හා පදිංචියට සුදුසු නිවාස පරිසරයක් උදාකර දීම අරමුණු කරගනිමින් නොච්චියාගම “මිතුරු සෙවණ” නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ, ප්‍රජා දායකත්වය, සමාජ සහයෝගීතාවය සහ ආයතනික සහාය ඒකාබද්ධ කරමින් අර්ධ සම්පූර්ණ හෝ අසම්පූර්ණ නිවාස පදිංචියට සුදුසු මට්ටමට සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය ආධාර ලබාදේ.
සමාජයේ අවශ්‍යතා සහිත පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, සුරක්ෂිත නිවාස පරිසරයක් ස්ථාපිත කිරීම සහ සමාජ සවිබලගැන්වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.