ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ නා පැළ රෝපණය කිරීම.
2024 වර්ෂයේ පරිසර දිනයට සමගාමීව, පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ප්‍රසාදි විජේසිංහ මහත්මියගේ සංකල්පයකට අනුව මෙම දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හා පළාත් සෞඛ්‍ය හා සමාජ සුභසාධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ කේ. ඒ. නොයෙල් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් නා පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2024 ජූනි 11 වන දින දවස පුරා ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ දී පවත්වන ලදි.
වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් එම්. එම්. හෛරුන්නීශා මහත්මිය සහ වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලසේ සමාජ සේවා නිලධාරී සුමිත්‍රා වැලිකුඔුර මහත්මිය මෙම වැසටහන සංවිධානය කරන ලද අතර නා පැළ සිටුවීමෙන් අනතුරුව එම පැළ රැකබලා ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ වැඩිහිටි සංගමය සමග වැඩසටහනක් නිර්මාණය කරන ලදි.
මෙම වැඩ සටහ සම්බන්ධීකරණයෙහිලා පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිළධාරී ඩී.එම්.එම්.එස්.කේ.එච්. දිසානායක මහත්මිය විශේෂ දායකත්වයක් ලබාදෙන ලදි.

























No comment