“සුපසන් නිවස” මාවනැල්ල සිංහ සමාජයේ අනුග්‍රහයෙන් ඕලන්ද ජාතික සංගමයේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද බව නිවාසයේ තබා ඇති බිත්ති නාම පුවරුව සාක්ෂි දරයි.1999 වර්ෂයේ ජනවාරි මස 29 වෙනි දින ඹ්ලන්ද ජාතික ටී. ස්මිත් මැතිතුමා, එම මැතිණිය හා එවකට ගරු සමාජ සේවා අමාත්‍යව සිටි බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමාගේ සහ 306 ඩී දිස්ත්‍රික්කයේ සිංහාධිපති ඩබ්.එම්.එස්. විජේසුන්දර මැතිතුමාගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලද්දකි.
දැක්ම
“සමාජ රැකවරණය අවශ්‍ය වූ දෙටු පුරවැසියන්ට සතුට පිරි සොදුරු නිවහනක්”
මෙහෙවර
“දිවයින පුරා විවිධාකාර අයුරින් හුදකලා බවට හා අසරණව විවිධ ව්‍යවසනයන්ට ලක් වූ වැඩිහිටි ප්‍රජාවට සාධාරණ වූ ක්‍රමවේදයන් යටතේ අවශ්‍ය නේවාසික පහසුකම් හා රැකවරණය සැලසීම මෙන්ම ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ තලයකට ගෙන එමින් සමාජයේ පිළිගත් ගෞරවණීය පිරිසක් බවට පත්කරමින් වැඩිහිටියන්ගේ අභිමතය තහවුරු කෙරෙන වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් කරා පරිවර්තනය කිරීීම”
අපගේ සේවාවන්
නේවාසික වූ වැඩිහිටියන්ට පෝෂ්‍යදායී ආහාර පාන ලබා දෙමින් නේවාසිකයින්ගේ රැකවරණය උපරිම අයුරින් සැලසීම.
නේවාසික වූ වැඩිහිටියන්ගේ කායික මානසික මට්ටම ඉහළ තලයකට ගෙන ඒමේ වැඩසටහන් ක්රිියත්මක කිරීම.
නේවාසික වැඩිහිටියන්ගේ සෞඛ්‍ය මට්ටම යහපත් අයුරින් පවත්වා ගෙන යාම.
අධ්‍යාත්මික සංවර්ධනයට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි සමිති සමඟ මෙම වැඩිහිටියන් සම්බන්ධකරවමින් සුහඳතාව වර්ධනය කිරීම
ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සමඟ සුහඳතාවය වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම