අප ගැන
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංහෝධනයේ ප්‍රතිපාදනයන්ට අනුව 1988.05.12 වන දින උතුරු මැද පළාත් සභාව ස්ථාපිත කිරීමෙන් අනතුරුව 1987 අංක 42 දරන පළාත් සභා පනතේ පැවරුණු විධි විධානයන්ට යටත්ව පළාත් සභාවට පැවරුණු සමාජ සේවා විෂයට අදාළ රාජකාරි කටයුතු ඉටු කිරීම සඳහා පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත. මූලිකවම සාලියපුර රජයේ වැඩිහිටි නිවාසයේ කටයුතු මෙන්ම මහජනාධාර (පිංපඩිය) ගෙවීමෙන් ආරම්භ වන මෙම ආයතනයේ කටයුතු වර්තමානය වන විට ඉතා පුළුල් පරාසයක් දක්වා ව්‍යාප්ත වී ඇත. උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අනුරාධපුර පිහිටා ඇති අතර ඒ යටතේ සෘජුව පාලනය වන ආයතන 05කි.
- සාලියපුර ශාන්ති සෙවන වැඩිහිටි නිවාසය
- බුල්නෑව සුපසන් විශ්‍රාමික වැඩිහිටි නිවාසය
- ගිරිතලේ අත්වැළ පුහුණු මධ්‍යස්ථානය
- ඔළුකරඳ අබාධ සහිත වූවන්ගේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
- සුවෝදය මධ්‍යස්ථානය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉටුකිරීම හා සම්බන්ධීකරණය කිරීම සඳහා සමාජ සේවා නිලධාරින් සහ සංවර්ධන නිලධාරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 29ම ආවරණය වන පරිදි යොදවා ඇත. තවද අනෙකුත් ආයතන සමඟ මනා සම්බන්ධීකරණයකින් කටයුතු කරන මෙම දෙපාර්තමේන්තුව මධ්‍යම රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය, අබාධ සහිත තැනැත්තන්ගේ මහ ලේකම් කාර්යාලය හා සමාජ සේවා අමාත්‍යාංශය යන ආයතන සමඟ සමීපව කටයුතු කරනු ලබයි. එසේම දෙපාර්තමේන්තුවට අයත් නමුත් රාජ්‍ය නොවන ආයතන මඟින් ක්‍රියාත්මක කරන ආබාධිත රැඳවුම් හා වෘත්තීය පුහුණු ආයතන 06ක් සඳහා නේවාසිකත්ව දීමනා හා වෙනත් මූල්‍ය හා මූල්‍ය නොවන ආධාර ලබා දීම සහ අධීක්ෂණය දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරේ. තවද රාජ්‍ය නොවන ආයතන හෝ පාලක මණ්ඩලයකින් පාලනය වන ආයතන 03ක් දෙපාර්තමේන්තුව අධීක්ෂණයට ලක් කරන අතර එම ආයතන සඳහා නේවාසිකත්ව දීමනා දෙපාර්තමේන්තුවෙන් ගෙවනු ලැබේ.