• අඩු ආදායම්ලාභීන් සඳහා ක්ෂේත්‍ර රාශියක් යටතේ මූල්‍යාධාර ලබා දීම.
  • අඩු ආදායම්ලාභීන් සඳහා උපකරණ ආධාර ලබා දීම.
  • හඳුනාගත් විශේෂ අවස්ථාවලදී අවශ්‍ය මූල්‍යාධාර හා උපකරණ ලබා දීම.
  • වැඩිහිටි නිවාස පිහිටුවීම,පවත්වා ගැනීම හා අධීක්ෂණය.
  • විශේෂ අවස්ථා සහිත පුද්ගලයන් සඳහා වෘත්තීය පුහුණු ආයතන හා රැකවරණ ආයතන පිහිටුවීම, පවත්වා ගැනීම හා අධීක්ෂණය.
  • පළාතේ මහජනතාවට සහනයක් ලබාදිය හැකි වෙනත් ආයතන පිහිටුවීම, පවත්වා ගැනීම හා අධීක්ෂණය.
  • වැඩිහිටි, විශේෂ අවස්ථා සහිත, ගෘහමූලික කාන්තා හා අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීම සඳහා, දැනුම හා කුසළතා ආකල්ප වැඩිදියුණු කිරීමේ හා ඇගයීමේ වැඩසටහන් පැවැත්වීම.
  • වැඩිහිටි, විශේෂ අවස්ථා සහිත හා ගෘහමූලික කාන්තා නව සංවිධාන ආරම්භ කිරීම , රැස්වීම් කැඳවීම හා යටිතල පහසුකම් සැපයීම.
  • මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්වීම.
  • වැඩිහිටි, විශේෂ අවස්ථා සහිත පුද්ගලයන් හා ගෘහමූලික කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සුභසාධනය ඉහල නැංවීමට ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • ආපදා කළමනාකරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය සඳහා ආකල්ප හා ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • දෙපාර්තමේන්තුවේ ආයතනික පරිපාලනය හා කළමණාකරණය.