දැක්ම
”සතුට පිරි සොඳුරු නිවහනක්”
මෙහෙවර
“නේවාසික වැඩිහිටියන්ගේ අභිමානය ගොඩනගමින් ද, කායික මානසික යහපැවැත්ම ගුණාත්මකව ඉහල තලයකට රැගෙන එමින්ද,වැඩිහිටියන්ගේ සැදෑ සමය නිවහල්ව ජීවත් වියහැකි වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක සිට පුහුණූ හා සමාජ පර්යේෂණ මධ්‍යස්ථානයක් දක්වා පරිවර්තනය කිරීම.”
අප ගැන
දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේ 1946, 1947 වසරවලදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදි සමයේ යුධ හමුදා බැරක්කයක් ලෙස ගොඩ නගා ඇත. අප්‍රිකානු කාබේරි හමුදාව රදවා තබාගෙන ඇතිබව ජනප්රවාදයේ පවති. 1948 නිදහසින් පසු මහමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ සමයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මූලික වැඩබිම ලෙස පවත්වාගෙන ගොස් ඇත.1951 වසරේ මැද භාගයේ සිට 1952 ජුනි මස දක්වා වසරක කාලයක් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ශ්‍රේණි කිහිපයක් මෙම ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇත.
1952 ජුලි මස රජයේ වැඩිහිටි නිවාසයක් ලෙස ආරම්භය සනිටුහන් වේ. ආරම්භයේ දී “මහළු මඩම” ලෙසත් ඉන්පසු “මහළු නිවාසය” ලෙසත් වර්තමානයේ දී වැඩිහිටි නිවාසය ලෙසත් නාමය වෙනස් වීමකට ලක්ව ඇත. 1952 ආරම්භයේ මධ්‍යයම රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය වූ ආයතනයක් විය. 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වු පසු පළාත් සභා ක්‍රමය ස්ථාපිත වීමෙන් අනතුරුව උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ආයතනයක් ලෙස කටයුතු කරනු ලැබේ.
අපගේ අරමුණු
- පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර අනුව ආයතනය පවත්වාගෙන යාම.
- වැඩිහිටි රැකවරණය ගුණාත්මකභාවය වර්ධනය සදහා නව මානයන් හදුන්වා දිම හා පවත්වාගෙන යෑම.
- වැඩිහිටි රැකවරණයේ බහුවිධ භූමිකා ඉටුකර ගැනිම සදහා කාර්යය මණ්ඩලයේ දායකත්වය ලබා ගැනිම.
- ආයතන භූමිය අලංකරණය කිරිම.
- ආයතනයේ ගෙවත්ත ඵලදායිකරණය සදහා නව වගාවන් හදුන්වා දිම හා පවත්වාගෙන යාම.
- ආයතනයේ ඉදිරි සංවර්ධනය සදහා යෝජනා අදහස් ඉදිරිපත් කිරිම.
- ආයතනය සතු දේපල හා වත්කම් යාවත්කාලිනව පවත්වාගෙන යාම හා ආරක්ෂාව සුරක්ෂිත කිරිම.
- ආයතනයේ ප්‍රවර්ධනය සදහා ප්‍රජා දායකත්වය ලබා ගැනිම.
- ආයතනයට සම්බන්ධ දානපතියන් අභිප්‍රේරණයෙන් යුතුව ආයතනයේ කටයුතු සදහා ඵලදායිව දායක කර ගැනිම.
- කාර්ය මණ්ඩල කාර්ය සාධනය ඉහල අගයකට ගෙන ඒම හා අභිප්‍රේරණ විධි ක්‍රම අනුගමනය කිරිම.
- නව දැනුම හා තාක්ෂණික ක්‍රමවේදයන් ආයතනික කටයුතු සඳහා යොදා ගැනීම.
පිහිටීම
අනුරාධපුර නගරයේ සිට අනුරාධපුර මැදවච්චිය මාර්ගයේ යාපනය හංදිය පසුකොට සාලියපුර ගජබා කදවුර දෙසට යනවිට අනුරාධපුර නගරයේ සිට 10 KM ක් දුරින් පිහිටා ඇත.
අපගේ සේවාවන්